Thursday, September 4, 2014

අද නිලියන් වෙන එක හරි සිම්පල්

අද නිළියක් වෙන එක හරි සිම්පල්

දැන්නම් කාලේ හරි. ඒත් තවම...


ඩයනා නිරෝෂනී කාලෙකට පස්‌සේ අලුත් නිර්මාණයකට දායකවෙලා කියලා අපිට ආරංචි වුණා. ඒක හින්දාම අපිත් කාලෙකට පස්‌සේ ඩයනා සමග පොඩි පිළිසඳරක යෙදුණා. මේ එහි පෙළගැස්‌මයි.


 * ඩයනා කොහොමද මේ දවස්‌වල ජීවිතේ ගෙවෙන්නේ ?

ගොඩක්‌ම නිරූපණ කටයුතුවල තමයි නියෑළී ඉන්නෙ. ඊට අමතරව වෙළෙඳ දැන්වීම්වලටත් දායක වෙනවා.

Tuesday, June 10, 2014

අසනීප තියෙන අයට බනින්න හොද නෑ.. අනූෂා දමයන්ති

 රතු කට්‌ට පනින වේලාව කියන්නේ මොකෙන් මොකක්‌ ඊළඟට වෙයිද කියලා හිතාගන්න බැරි වෙලාවක්‌. එහෙම වෙලාවක්‌ ගැන අහගන්න මේ පාර අපි කතා කළේ අනුෂා දමයන්තිට.

Saturday, March 15, 2014

මම කලහකාරි කෙනෙක් නෙවෙයි - මහේෂි

පුංචි තිරයේ මුතු වරුසාවෙන් ටෙලි අඹරට පෑයූ තාරකාවිය ඇයයි. බොහොම අඩු නිර්මාණ සංඛ්‍යාවකට දායක වී ඇතත් ඇගේ රඟපෑම් සහ ඇගේ රුව නම් දහස්‌ සංඛ්‍යාත රසික පිරිසකගේ හදවත්වල ලැගුම් ගෙන හමාරය. ඇය මහේෂි මධුසංකාය. මේ ඇයත් සමඟ කෙරුණු සුහද කතාබහයි.

මොනවද මේ දවස්‌වල ඔබගේ තොරතුරු?


අලුතින් නිර්මාණවලට සම්බන්ධ වෙලා නැහැ. විකාශය වෙමින් තිබෙන ඡායා සහ මුතු පලස ටෙලි නාට්‍යවල රූ ගත කිරීම්වලට සහභාගි වෙනවා.



Sunday, October 27, 2013

කලින් මම නිළියක් වෙන්න ලැජ්ජයි - වත්සලා

•  වත්සලා නිළියක් වෙන්න කලින් මොන වගේ චරිතයක්ද? 
බොහොම සාමාන්‍ය කෙල්ලෙක්.



 •  නිළියක් වෙලා අවුරුදු කීයද?
අවුරුදු පහයි

 •  අවුරුදු පහකට කලින් හිටපු වත්සලායි, දැන් වත්සලායි එක්කෙනෙක්ද? දෙන්නෙක්ද?
අම්මෝ දෙන්නෙක්. ඒ කාලේ මම ගෙදර ඉන්නවාද කියලා හොයාගන්නවත් බෑ. හරිම ලැජ්ජයි බයයි. ඒත් දැන් මම ඊට හාත්පසින්ම වෙනස්.

 •  ඒ කියන්නේ නිළියක් වෙලා ලැජ්ජාවයි, බයයි නැතිවුණා...?
වැරැදි දේ කරන්න අදටත් මම ලැජ්ජයි, බයයි. ඒත් ඒ කාලේ තිබුණු අනවශ්‍ය සබකෝලය නම් දැන් නෑ... මට මං ගැන හොඳ ආත්ම විශ්වාසයක් තියෙනවා.

Sunday, April 7, 2013

කවුරුවත් මට අවංක වුණේ නෑ - මුතූ තරංගා

ගොඩක්‌ අය මට අවංක වුණේ නැහැ- මුතූ

ගොඩක්‌ දෙනෙක්‌ පසුගිය කාලේ ඇය කොහේ ගිහින්ද කියලා විමසුවා. ඇය වැඩිපුර මාධ්‍ය ඉදිරියට ආවේ නැහැ. කාලෙකට පස්‌සේ ඇය පුංචි තිරයේ දකින්න ලැබෙනවා. නමින් මුතු තරංගා වූ ඇය ගැන මේ බොහෝ දෙනා විමසන වෙලාවක්‌. ඒ හින්දා අපි මුතුගේ හඬට ඉඩක්‌ වෙන් කළා.

මුතු කාලෙකට පස්‌සේ පුංචි තිරයට ගොඩවෙලා ?

ඔව්. ගොඩක්‌ කාලයක්‌ මම රඟපාන්නෙ නැතිව හිටියා. ඊට පස්‌සේ ආදරයේ අහස තරම් ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණා. නාට්‍යවලට සම්බන්ධ වෙනවා කියල හිතලා ගොඩක්‌ දෙනෙක්‌ මට කතා කළා. ඒ අතරේ ටෙලි නාට්‍ය කිහිපයකට සම්බන්ධ වුණා. එයින් පසුව මම විදෙස්‌ගත වුණා. විදෙස්‌ගත වුණාට පසුවයි දකින්න නොලැබුණේ. ලංකාවට ආවට පස්‌සෙ තමයි මැද ගෙදර කියන ටෙලිනාට්‍යයට ආරාධනාවක්‌ ලැබුණේ.

ඇයි මේ හදිසියේ විදෙස්‌ගත වුණේ ?

ටික කාලයක්‌ එක දිගට වැඩ කළා. මම කොච්චර වැඩ කළත් ඒ නාට්‍ය විකාශනය වුණේ නැහැ. මම විවේකය හරියට අගය කරන කෙනෙක්‌. ඒ නිසා තමයි විදෙස්‌ගත වුණේ.

වැඩබදාගෙන කරන්න කැමැති නැහැ ?

Tuesday, September 25, 2012

කිසිම පිරිමියෙක්‌ මට ෂුවර් නෑ..


අනර්කලී ආකර්ෂා
තනිවම ඉන්න මම තීරණය කරල ඉවරයි

රංගන ජීවිතයේ මෙන්ම දේශපාලන කරලියේද දිදුළන තරුවක්‌ වන අනර්කලී ආකර්ෂා මේ දිනවල කලා නිර්මාණවලත්, දේශපාලන වේදිකාවෙත් එක ලෙස කාර්ය බහුල වී සිටින්නීය.






කොහොමද අනර්කලී මේ දවස්‌වල කාලය ගතවෙන්නේ...?

දේශපාලන වැඩවලට මුල් තැන දීලා තිබෙනවා. මොකද මැතිවරණ කටයුතු තිබෙන නිසා.

Monday, June 25, 2012

පුෂ්පිකා ගැන බිඳක්..


ලෝක රූ රැජින තරගයට බිකිනි ඇඳීම
නීති විරෝධී දෙයක් නොවෙයි
පුෂ්පිකා සඳමාලි



ඉතිහාස කතා වැඩි වශයෙන් සිනමාවට නැගෙන යුගයක්‌ විදිහට මේ කාලවකවානුව හඳුන්වන්න පුළුවන්. පසුගිය කාලයේ එවැනි සිනමා නිර්මාණයක්‌ කළ අධ්‍යක්‍ෂවරයෙක්‌ විදිහට සනත් අබේසේකරයන්ව හඳුන්වන්න පුළුවන්. මහින්දාගමනය නිර්මාණය කළ සනත්ගේ අලුත්ම සෙලිලොයිඩ් නිර්මාණය තමයි සිරි දළදාගමනය. සිරි දළදාගමනය සිනමා නිර්මාණයේ මුහුරත් උළෙල පසුගිය මාර්තු මාසයේ තමයි පැවැත්වුණේ.
එදා පැවැති මුහුරත් උළෙලට මෙහි ප්‍රධාන භූමිකාව වන දන්ත කුමරුගේ චරිතය නිරූපණය කරන රංගන ශිල්පියා පෙනෙන්න හිටියේ නැහැ. ආරංචිය හැටියට නම් මෙහි ප්‍රධාන භූමිකාවට ඕනෑ නළුවා ඒ වන විටත් තෝරාගෙන නැහැ කියලයි කියන්නේ. නමුත් හේමමාලා කුමරියගේ චරිතයට පණපොවන්න තෝරාගත් නිළිය එදා මුහුරත් උළෙලට ඇවිත් හිටියා. ඇය 2011 වසරේ දෙරණ මිස්‌ ශ්‍රී ලංකා කිරුළ හිමිකරගත් පුෂ්පිකා සඳමාලි. ඇය එදා මාධ්‍යවේදීන් වගේම පැමිණ සිටි පිරිස අමතා කීවේ ලෝක රූ රැජින තරගයට ගිය තමා පළමුවෙන්ම සිනමාවට පිවිසෙන්නේ මේ දැවැන්ත බෞද්ධ සිනමා නිර්මාණයේ හේමමාලා කුමරියගේ චරිතය හරහා බවය.